අදත් දිවයිනේ ප්‍රද්ශ කිහිපයකට වැසි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (27) බස්නාහිර, සබරගමුව සහ වයඹ යනන පළාත්වලත් මහනුවර ,නුවරඑළිය,ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි තත්ත්වයක් සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්ට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Exit mobile version