අදත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

අද (24) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මි.මී.100ට වැඩි තද වැසි තත්ත්වයන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මේ අතර අද දිනයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් ඇතිවිය හැකි බව ද නිවේදනය කර ඇත.

විශේෂයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Exit mobile version