කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මේ අතර ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.