අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි.

අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර ,පුත්තලම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මේ අතර සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, විටින් විට හමන පැ.කි.මී.40-45 පමණ තද සුළං තත්ත්වයන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු පළාතෙත්  ඇති විය හැකි බව ද වාර්ත‌ා වේ.

විශේෂයෙන් කාලගුණවිද්‍යා  දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික ලද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Exit mobile version