අද (10) දිනයේත් බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල, මාතර , මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී.50ක පමණ තද සුළං තත්ත්ව ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී.(30-40) පමණ වන බවත්, කොළඹ සිට ගාල්ල දක්වා රෙළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ හැකියාව ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.