කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (07) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය ,ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාව පවතින බවයි.
අද උදෑසන කාලයේ යාපනය දිස්ත්‍රික්කයේ ද මද වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම දෙපපාර්තමේන්තුව සඳහහන් කරයි.
මේ අතර එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
විශේෂයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.