උදෑසන කාලයේ දී උතුරු පළාතේ මද වැසි තත්ත්වයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන් ම, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකලපුව, මන්නාරම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
සබරගමුව,ඌව,මධ්‍යම සහ බස්නාහිර යන පළාත් තුළත් ඇතැම් ප්‍රදේශයන්හි උදෑසන මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.