අදත් මද වැසි තත්ත්වයක්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද (16) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මද වැසි තත්ත්වයක් ඇතිවන බවයි.

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල අද දිනයේ මද වැසි තත්ත්වයක් අපේක්ෂා කරනන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

තව ද, මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ද වැසි තත්ත්වයක් ඇතිවන බවට ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ නමුත් දිවයිනේ සෙසු ප්‍රදේශයන්හි අද දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු ස්වභාවයක් ගන්නා බවයි.

Exit mobile version