අදත් වැසිබර කාලගුණයක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (07) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතියි.

සබරගමුව පළාතේ සහ  මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්ට මි.මී.50 ඉක්මවූ තරමක් තද වැසි ඇති වන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම පැ.කි.මී.50ක පමණ තද සුළං තත්ත්වයක් ද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඇතිවීමේ හැකියාව පවතියි.

විශේෂයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Exit mobile version