ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඊයේ (18) බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ මාධ්‍ය ක්ෂේත්රයට බලපාන නීති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා “මාධ්‍ය නීති සංසදය” විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක් වෙමින් අවධාරණය කර සිටියේ භාෂණයේ නිදහස අයිතියක් බවත් එය සීමා කළ හැක්කේ නීතියට පමණක් වන බවයි.
සාලිය පීරිස් මහතා මෙහි දී පෙන්වා දී ඇත්තේ භාෂණයේ නිදහස අයුතු ලෙස සීමා කිරීමට කටයුතු කරන්නේ නම් අලුත් නීති ක්‍රියාත්මක කරගත හැකි බවත් සිවිල් නඩු හා අපරාධ නඩුවලට යොමු විය හැකි බවත් ය.
මෙම සම්මන්ත්‍රණයේ දී වැඩි වශයෙන් භාෂණයේ නිදහස අවහිර වුවහොත් ඒ සඳහා ඇති නීති පිළිබඳව සොයා බැලිය යුතු බවට අවධානය යොමුව තිබූ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය රංග කලන්සූරිය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම ,ජනාධිපති නීති ජගත් වික්‍රමනායක සහ මාධ්‍යවේදී නීතීඥ විරංජන හේරත් ද මෙම අවස්ථාවට එක්ව ඇත.
අදහස් ප්‍රකාශ කිරීමට පොලිසියට බාධා එල්ල කළ නොහැකි බවත්, ඊට නීතියක් පවතින්නේ නම් පමණක් එසේ ක්‍රියාත්මක විය හැකි බවත්, භාෂණය හේතුවෙන් යම් අවස්ථාවකදී පොදු සීමා උල්ලංගනය වන්නේ නමු පමණක් එය වැළැක්වීමේ හැකියාව ඇති නමුත් යම් පුද්ගලයෙකුට හිරිහැර කිරීමට හෝ විමර්ශනය කිරීමට අයිතියක් නොමැති බව ද මෙහිදී නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දෙන ලදී.
වැඩිදුරටත් අදහස් දැක්වූ සාලිය පීරිස් මහතා,
“ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යම් සීමා බතියෙනවා.යම් කෙනෙක් අපරාධ සඳහා පොළඹවනවා නම් ඒකත් වැරදියි.සාමකාමී අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීම වරදක්.ඒක ලොකු පිපිරීමක් බවට අනාගතේ දී පත්වෙන්න පුළුවන්. භාෂණයේ නිදහස හේතුවෙන් අලුත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් සිවිල් නඩු දාන්න අපරාධ නඩුවලට යා හැකියි.”
මෑත කාලීනව සිදුවන මර්දන ක්‍රියාවලිය හමුවේ ජනතාව මහත් සේ පීඩාවට පත්ව ඇත.එවැනි මෑලකාලීන සිදුවීම් රාශියක් අපට අසන්නට දකින්නට ලැබුණි.ඊයේ දිනයේ දී ද අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලිසිය විසින් බාධා එල්ල කරන අයුරු අප මාධ්‍ය ඔස්සේ දුටිමු.
එහිදී මෙවැනි සිදුවීමක් අපට දක්නට ලැබිණ.යතුරු පැදියක පැමිණි තරුණ යුවලක් විසින් එම විරෝධතාවයට සහය පළ කර පිටව යාමට සැරසෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ට පහර දුන් බව මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණ.එවැනි සිදුවීම් තුළින් රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමට උත්සහ දරණ බවවක් පෙනී යයි.
විරෝධතාකරුවන්ට පහර දීමේ සිදුවීම් මෙන්ම මාධ්‍යයට පහරදීමේ සිදුවීම් ද මෑත කාලීනව ශ්‍රී ලංකාවෙන් සුලබ වශයෙන් අසන්නට දකින්නට ලැබිණ.මෙය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වශයෙන් දැක්වේ.පාලිස් නිලධාරීන් පවා මෙවැනි තත්ත්වයකට පත්ව ඇත්තේ පාලන පන්තියෙන් ලැබෙණ අණ පරිදි විය හැකිය.
කෙසේ නමුත් යළිත් ශ්‍රී ලංකාව තුළ එවැනි ක්‍රියා සිදු නොවීමට වග බලා ගත යුතුව ඇත.