අදානිගෙන් තවත් යෝජනාවක්

ඊයේ (25) දිනයේ දී ඉන්දියාවේ ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානි මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇති බව පී.ටී.අයි පුවත් සේවය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එසේ හමුවී කරන ලද සාකච්ඡාව පිළිබඳව මේ වන තෙක් වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කර නොමැති අතර අදානි මහතා සමග පැමිණි පිරිස ඊයේ දිනයේ මන්නාරම ප්‍රදේශයේ සංචාරයක නිරතව ඇත.

විදුලිබල මණ්ඩලයට අයත් මෙරට විශාලතම සුළං විදුලි ජනන මධ්‍යස්ථානය මන්නාරමේ පිහිටා ඇති අතර මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහි දී ඔවුන්ගේ අවධානය යොමුව තිබූ බව වාර්තාවේ.

Exit mobile version