අදික වේගය නිසා කොන්දොස්තරට බරපතල තුවාල

අද (17) අලුයම 3.40 ‌ට පමණ මෙම අනතුර සිදුව ඇති බව දෙණියායේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙන බව පොලිසිය පවසයි.

වාර්තා වන ආකාරයට විදුලි කණුවක් සහ දුරකථන කණුවක් කඩාගෙන අසල නිවාස දෙකක තාප්පයකට සහ ගේට්ටුවකට මුළුමනින්ම හානි සිදුකරමින් බස් රථය අනතුරට ලක්වී ඇති අතර බස් රථයේ පාපුවරුවේ ගමන්ගත් කොන්දොස්තරවරයා අනතුරෙන් බරපතළ තුවාල ලබා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

අනතුරෙන් බස් රථයට බරපතළ හානි සිදුවී ඇති අතර අධික වේගය අනතුරට හේතු වන්නට ඇති බවට පොලීසිය සැකකරන බව තවදුරටත් වාර්තා වේ.

Exit mobile version