අද අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවේ සමාරම්භක සැසියේ ප්රධාන දේශනය පැවැත්වීමට නියමිතව ඇත.
අගමැතිතුමා ඇතුළු දූත පිරිස පෙරේදා දිනයේ දිවයිනෙන් පිටත්ව ගියේ අද ඉතාලියේ බොලොඤ්ඤහි පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වීමටය.
මෙම වසරේ එම සමුළුවේ තේමාව වන්නේ සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය යන්නයි.
අග්රාමාත්ය කාර්යාලය සඳහන් කළේ දින 03ක් පුරා පැවැත්වෙන ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවට සමගාමීව රාජතාන්ත්රික හමුවීම් කිහිපයකට ද අගමැතිවරයා සහභාගී වීමට නියමිත බවය.