අද ආසාදිතයින් 1000 ඉක්මවයි

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ අද (30) දිනය තුළ දී කොවිඩ් ආසාදිතයින් 1056ක් වාර්තා වූ බවයි.

එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් ද වන බව සඳහන් වේ.

ඒත් සමග මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 610,103ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version