උඳුවප් පුන් පොහෝ දිනය යනු වර්ෂයේ අවසන් පොහෝ දිනය වන අතර බෞද්ධ අප සැමට ඉතාමත් වැදගත් දිනක් ද වේ.
සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ශ්රී මහා බෝධි දක්ෂිණ ශාඛාව රැගෙන ලක්දිවට වැඩම කරන ලද්දේ අදවන් උතුම් පොහෝ දිනකය.
එමෙන් ම ලක්චිව තුළ මෙහෙණි ශාසනය ආරම්භ වූයේ ද අදවන් පින්බර දිනක වීම තවත් විශේෂත්වයක් වේ.
එමෙන් ම ශ්රී පාද වන්දනා සමය ආරම්භ වන්නේ ද උඳුවප් පුන් පොහෝ දිනයත් සමග වන අතර ඊයේ (17) දිනයේ දී සමන් දේවාභරණ සහ සධාතුක කරඬුව රැගත් රථ පෙරහැර ද ගමන් ආරම්භ කරන ලදී.
මේ උතුම් උඳුවප් පොහෝ දිනයේ අපේ පැතුම අමා මෑණි සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයන් සිත්හි දරාගෙන ,ධර්මයම පිහිට කරගෙන, ධර්මයෙන් උපන් ජීවිතයක් ගොඩනඟා ගැනීමේ වාසනාව උදාවේවා!
තෙරුවන් සරණයි!