අද උඳුවප් පුන් පොහෝ දිනයයි!

උඳුවප් පුන් පොහෝ දිනය යනු වර්ෂයේ අවසන් පොහෝ දිනය වන අතර බෞද්ධ අප සැමට ඉතාමත් වැදගත් දිනක් ද වේ.

සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව රැගෙන ලක්දිවට වැඩම කරන ලද්දේ අදවන් උතුම් පොහෝ දිනකය.

එමෙන් ම ලක්චිව තුළ මෙහෙණි ශාසනය ආරම්භ වූයේ ද අදවන් පින්බර දිනක වීම තවත් විශේෂත්වයක් වේ.

එමෙන් ම ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේ ද උඳුවප් පුන් පොහෝ දිනයත් සමග වන අතර ඊයේ (17) දිනයේ දී සමන්‌ දේවාභරණ සහ සධාතුක කරඬුව රැගත් රථ පෙරහැර ද ගමන් ආරම්භ කරන ලදී.

මේ උතුම් උඳුවප් පොහෝ දිනයේ අපේ පැතුම අමා මෑණි සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයන් සිත්හි දරාගෙන ,ධර්මයම පිහිට කරගෙන, ධර්මයෙන් උපන් ජීවිතයක් ගොඩනඟා ගැනීමේ වාසනාව උදාවේවා!

තෙරුවන් සරණයි!

Exit mobile version