අද (28) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර ,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ඌව, නැගෙනහිර සහ උතුර පළාත්වල තැනින් තැන වැසි තත්ත්ව හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේ ගිගුරුමම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.
එමෙන්ම අද (28) සිට සැප්තැම්බර් 07 වනදා තෙක් දෘෂ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේ දී ශ්‍රී ලංකාව ආසන්නයෙන් අක්ෂාංශ වලට සෘජුව ඉහළින් පවතින බව නිවේදනයේ දක්වා ඇත.
මේ අනුව යාපනය සහ කොඩිකාමම් ප්රේශවලට අද දින දහවල් 12.11 ට හිරු මුදුන්ව පවතියි.