අද කාලගුණ අනාවැකිය

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කළාපය තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින අතර නොවැම්බර් මස 19 සහ 20 දින වන විට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කර තිබේ.

එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට  පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

එසේම සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතින අතර
බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Exit mobile version