අද කාලගුණ අනාවැකිය

2022 මාර්තු 30 දින පෙ.ව. 05.30 ට නිකුත් කරන ලදී

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැක.

ගාල්ල සහ මාතර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
Exit mobile version