රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මයාදුන්නේ මහතා සඳහන් කළේ සියලුම රාජ්‍ය ආයතනවල කටයුතු අද (10) දිනයේ දී සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි.
අධ්‍යාපන අමාත්‍යංශය ද සඳහන් කළේ අද දිනයේ සියලුම පාසල්වල ඉගෙනුම් සහ ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ අද දිනයේ බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා පමණක් නිවාඩු දිනයක් වන බවත් ඊයේ (09) දිනට යෙදී තිබූ පොහොය නිවාඩුව හේතුවෙන් බැංකු සඳහා මෙසේ නිවාඩුව ප්‍රකාශයට පත්කළ බවත් ය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විශේෂයෙන් සඳහන් කළේ අද දිනයේ රජයේ නිවාඩු දිනයක් නොවන බවයි.