අද දිනයේ මද වැසි තත්ත්වයක්.

අද (23) දිනයේ බස්නාහිර සහ සබරගමුව  පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර  ඇත.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර  අද දිනයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පෙන්නුම් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂයෙන් ජනතාවට මතක් කර සිටියේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණුවලින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Exit mobile version