අද දිනයේ සංශෝධිත අයවැය පාර්ලිමේන්තුවට

අද (30) දිනයේ මෙම වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අනුව අද පස්වරු 01.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පස්වරු 01.00 සිට 02.00 දක්වා ජනාධිපතිවරයා විසින් අයවැය කතාව සිදු කරනු ඇත.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබීම හෙට (31) පෙරවරු 09.30 දක්වා සිදුවන අතර යළිත් එළඹෙන 02 වනදා සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පවත්වනු ලැබේ.

කාරක සභා අවස්ථාව සහ තෙවන වර කියවීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව සිදු කිරීමට නියමිතව ඇත.

එමෙන්ම අද (30) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර එහිදී විසර්ජන පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද අද පස්වරු 02.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව ඇත.

Exit mobile version