ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබෙන බවට වාර්තා වේ.
ශ්රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් දැක්වූ අතර ඊයේ දිනයේ ශ්රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.77ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 331.05ක් ලෙස දැක්වූ බවට වාර්තා වේ.