අද දිවයිනේ තද වැසි තත්ත්වයක්

අද (30) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව යසහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්මවූ තද වැසි යද ඇති වීමේ හැකියාව පවතින අතර බස්නාහිර සහ දකුණු පළාත්වල පෙරවරු කාලයේ වැසි ඇති විය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ කුණු මතින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අතර අද (30) දහවල් 12.10 ට මන්නාරම, පෙරියමඩු, වල්ලිප්පලයි, (මුලතිව් දිස්ත්‍රික්කය) මරුතොඩයි ( වවුනියා දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතියි.

Exit mobile version