අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද (25) දිනයේ ඌව, උතුරු මැද ,උතුරු සහ නැගෙනහිර පළාත්වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් මද වැසි තත්ත්වයක් ඇති වේ.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දක්නට ලැබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

Exit mobile version