අද නත්තල් දවසේ කාලගුණය.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන්,දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇති වීමේ ඉඩකඩ ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විශේෂයෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Exit mobile version