අද (15) දින කොළඹ ප්රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත.
අද රාත්රී 10.00 සිට හෙට (16) පෙරවරු 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කර ඇත.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවීමට නියමිත ප්රදේශ වන්නේ කොළඹ 02, 03, 04, 05, 07, 08, 09, සහ 10 යන ප්රදේශයන් ය.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කර ඇති පරිදි මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙනි.