අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් මෙන්ම සමගි ජන බලවේගය විසින් බාර දුන් විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට නියමිතව ඇති බැවින් අද දින පාර්ලිමේන්තු රැස්වීම වඩාත් තීරණාත්මක මුහුණුවරක් ගනු ලබන බව වාර්තා වේ.