ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව පැවති අතර එය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
එහිදී, මේ වන විට පවතින කොවිඩ් නිසා පනවා තිබෙන නිරෝධායන ඇදිරිනීතිය සැප්තැම්බර් 21 දා අලුයම 04.00 දක්වා දීර්ඝ කිරීමටත්, ආර්ථික මධ්‍යාස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමටත්, ළමුන් 100 ට අඩු ග්‍රාමීය පාසල් ඇරඹීමට පවතින හැකියාව පිළබදව අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමටත්, රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග මොනවාද ? යන්න සොයා බැලීමත්, ඒවාට අවශ්‍ය නිර්දේශ කඩිනම්ව ලබා ගැනීමටත් මෙහිදී තීරණය විය.
විශේෂයෙන්ම ගොවිජනතාවට තම අස්වැන්න විකුනා ගැනීමට නොහැකිව පත්ව තිබෙන අපහසුතා කෙරෙහිද, 2020 සහ 2021 වසරවල පාසල් නොපැවැත්වීමෙන් ලක්ෂ 7 කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත්, ඒ හා සමාන දරු පිරිසකට පූර්ව ළමාවිය අධ්‍යාපනය අහිමි වීමත් පිලිබදව මෙහිදී විශේෂ අවධානයට යොමු විය.