අද පෙබරවාරි මස 01 දා කාලගුණ

2023පෙබරවාරි මස 01 දින උදෑසන 05.30 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  විසින් නිකුත්කරන ලදි.

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්රිත පීඩන අවපාතය ඊයේ රාත්රියේ ත්රිකුණාමලයටකිලෝමීටර් 180 ක්පමණනැගෙනහිරදෙසින්අක්ෂාංශ 8.4°N සහදේශාංශ 82.9°E ආසන්නයේ කේන්ද්රගතව පැවතිණි. එය ක්රමයෙන් බටහිරදෙසටබරවනිරිත දෙසට ගමන් කරමින් 2023 පෙබරවාරි 01 (අද) පෙරවරුවේදී ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය වෙතට ලඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැක.

උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තුවිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version