අද බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතියි.

අද (14) දිවයිනේ පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අද දිනයේ ද තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මෙනිසා බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව ඇති ස්වභාවයක් දක්නට ලැබේ.

මේ අතර අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම මි.මී.100ක තද වැසි තත්ත්වයක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල දක්නට ලැබෙන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී.75 ඉක්මවූ තරමක් තද වැසි තත්ත්වයක් ද දක්නට ලැබෙන බව වාර්තා වේ.

විශේෂයෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Exit mobile version