අද (20) රාත්‍රී 10 සිට 30 වන දා දක්වා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලන කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත.
ඇඳිරි නීතිය පවතින කාල පරිච්ඡේදය තුළ අත්‍යවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකාර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාමට අවසර ඇති බවද ඔහු සඳහන් කර ඇත.
නිරෝධායන ඇඳිරි නීති කාලය තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත්කරනය කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අංශය කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.