කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (25) දින උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
ඇතැම් ප්‍රදේශයන්ට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇති වීමේ තත්ත්වයක් ද නිවේදනය කර ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනිම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා ඇත.