අද වැසි තත්ත්වයේ අඩු වීමක්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (06) දිනයේ පැවති තද වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ,ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර ,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතියි.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී.50ක පමණ තද සුළං තත්ත්වයක් ද අපේක්ෂා කළ හැකිය.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.  

Exit mobile version