කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ අද (21) දිනයේ දිවයිනේ නිරිත දිග කොටසේ එනම් බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත්, මහනුවර ,නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්තික්කවලත් වැසි තත්ත්වයේ යම් වර්ධනයක් අපේක්ෂා කරන බවයි.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ත්ත්වයන් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්ව බලාපොරොත්තු විය හැකි බව වාර්තා වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගූරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.