බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය හා ඇමති අමරවීර සමග පැවති සාකච්චාවකදී නිෂ්පාදකයන්ගේ සංගමය පැමිණි එකගතාවයකට අනුව බිත්තරයක් රු 55.00 කට අද සිට පාරිභෝගිකයන් වෙත මිළ දී ගැනීමට හැකි වේ.
පාරිභෝගිකයන් හට දැරිය නොහැකි තරම් අධික මිලකට පසුගිය දින කිහිපය තුල බිත්තර මිල ඉහල ගියද අද (28) සිට බිත්තර මිල පහල යාම පාරිබෝගිකයන් හට ලැබුණු සහනයකි.
ඒ අනුව අද සිට කොළඹ, ගම්පහ ප්‍රදේශ වලදී එම මිලට පාරිබෝගිකයන් හට බිත්තර මිලදී ගැනීම හැකියාව තිබේ.