යුධ හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානි වූ විකුම් ලියනගේ මහතා යුධ හමුදාධිපති ලෙස පත් වීමත් සමගම එම තනතුර හිස් විය.
එම හිස් වූ තනතුර වෙනුවෙන් මේජර් ජනරාල් ජගත් කොඩිතුවක්කු මහතා අද (08) සිට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත කර තිබේ. යුධ හමුදාධිපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා විසින් එම පත්වීමේ ලිපිය ඊයේ (07) යුධ හමුධා මූලස්ථානයේදී බාර දෙන ලදී.
ඔහු මීට පෙර යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙසද, යාපනය ආරක්ෂක සේනා අඥාපති ලෙසද, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ අධිපති ධුරයද ආදී තනතුරු ගනනාවකම තම රාජකාරිය සිදු කර තිබේ.