අද (28) ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති දහසකට වඩා වැඩියෙන් එකතුව දැවැන්ත උද්ග්ඝෝෂණ මෙන්ම විරෝධතා පා ගමන් සංවිධනය කර තිබේ. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපති ඇතුළු රජයට ඉල්ලා අස් වන ලෙස බලකරමින්. මේ වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල දැඩි ලෙස ඉහල ගොස් තිබෙන අතර ඉන්ධන, ගෑස් මෙන්ම විදුලියද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලද දැඩි ලෙස ඉහල ගොස් තිබේ. ඒවා නිසි ලෙස පාලනය කිරීමට අසමත් රජය ඉවත් විය යුතු බවට මෙම උද්ඝෝෂණ වලින් රජයට බලපෑම් කරයි.
මෙම අරගලය ප්‍රබල ලෙස ආරම්භ වුයේ පසුගිය 31 වැනිදා මිරිහානේ පිහිටි ජානධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටින් වන අතාර එහි සාමකාමී ලෙස විරෝධතා වල යෙදුනු පිරිසට මාරාන්තික ලෙස පහර දීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමගම තත්වය දරුණු අතට හැරෙමින් ජනතාව දැවැන්ත විරෝධතා වල යෙදෙමින් රාජ්‍ය පාලන අකර්මනය වීම දක්වා පැතිරී ගොස් තිබේ. උද්ඝෝෂණ හේතුවෙන් දේශපාලනය පවා අස්තාවරව තිබේ.
සාමාන්‍ය ජනතාව චිසින් ආරම්භ කල උද්ඝෝෂණ ව්‍යාපාර මේ වන රාජ්‍ය වෘත්තීය සමිති දක්වාම පැතිරී ගොස් තිබෙන අතර ජනතාව රාජ්‍ය සේවය පාව් පිළිකුල් කරන තත්වයට පත්ව තිබියදී වෘත්තීය සමිතිද වැඩ වරමින් සාමාන්‍ය ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් සිටි. රජයාට විරුද්ධව සටන් පාඨ කියමින් ඔවුන් වෘත්තීය අරගල යෙදුනත්. ඒවායින් පීඩාවට පත් වන්නේ මාසික වැටුප් නොලබන සාමාන්‍ය ජනතාවයි.
අද මෙම දැවැන්ත වැඩ වර්ජනය සදහා වරාය, සෞඛ්‍ය, තැපැල්, පොදු ප්‍රවාහන, ආයෝජන කළාප, බැංකු, අධ්‍යාපන ආදී සියලුම ආයතන සහභාගී වී තිබේ. නමුත් සෞඛ්‍ය අංශ පමණක් දහවල් 12 – 02 පමණ වන තෙක් ඒ සදහා සහයෝගය ලබා දීමට තීරණය කර තිබේ. මේ වන විට රටේ සියලුම ප්‍රදේශවල වැඩ වර්ජන සහ උද්ඝෝෂණ පවත් වෙමින් තිබේ. ප්‍රධාන නගර ඉලක්ක කරගනිමින් මෙම උද්ඝෝෂණ මේ වනවිටත් පැවැත් වේ. අප මෙම ලිපිය සකසන විටත් කොග්ගල නිදහස් ආයෝජන කලාපය, කටුනායක යෝජනා කලාපය, නියෝජනය කරන දහස් ගනනක් සේවකයන් විරෝධතා වල යෙදී සිටිති.
අද උදෑසන සිටම රට පුරා ප්‍රධාන නගර ඉලක්කරගෙන කඩ සාප්පු වසා දමා තිබෙන අතර සමහර නගරවල කඩ සාප්පු ඉදිරිපිට කළු කොඩි දමා තිබේ. බොහෝ නගර වල ජනතාව ඉතාම සුළුවෙන් සිටින අතර තවත් බොහෝ නගර පාලුවට ගොසිනි. රෝහල් හැර සමස්ථ රාජ්‍ය පරිපාලනයම බිඳ වැටී ඇති අතර සාමාන්‍ය ජනතාව තව දුරටත් පීඩා විඳිති. යම් යම් කටයුතු සිදුකරගැනීමට තම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වලට ගිය සාමාන්‍ය ජනතාවට හිස් අතින් ආපසු පැමිණීමට සිදුව තිබේ. දුර බැහැර සිට කොළඹ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වෙත් ගිය සිය විශාල ජනතාවක් දැඩි දුෂ්කරතා වලට ලක්ව සිටි.
ඒ අතර, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පිහිටි මරදාන ටෙක්නිකල් හන්දිය ඉදිරිපිටින් ඔවුන්ගේ පා ගමන ආරම්භ කල අතර, ලංකා බැංකු සේවක සංගමය කොළඹ කොටුවෙන්ද, ඇඹිලිපිටියේ රාජ්‍ය සේවකයන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය ඉදිරිපිටින්ද, මහනුවර, කෑගල්ල, මාතර, ගොඩකවෙල, රත්නපුර, බදුල්ල, පොලොන්නරුව, වැල්ලවාය, ආදී ප්‍රදේශ වල මේ වන විටත් උද්ඝෝෂණ ආරම්භ වී තිබේ. උද්ඝෝෂණ ප්‍රමාණය කෙතරම්ද යත් සිය ගණනක් මෙහි සදහන් කල හැකිය.
අද රට පුරා පවතින විශේෂ උද්ඝෝෂණ සියල්ලම පිළිබදව සම්පූර්ණ වාර්තාවක් අප හෙට දිනයේ ඉදිරිපත් කරන අතර, අද සිදුවන යම් විශේෂ සිදුවීම් වාර්තා වුවහොත් ඒවා වරින් වර පලකිරීමට කටයුතු සූදානම් කර තිබේ.