අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන් “ කැලේ” යවයි. බලධාරීන් දරුවන් “ වල් ” කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුතු යන මතයේ පමණක් සිට කටයුතු කිරීම නිසා මේ වන සමස්ත දරු පරපුරම විනාශ වී තිබේ. කොවිඩ් වසංගතය සමයේ දරුවන්ට online අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීමෙන් මෙරට දරුවන්ගෙන් 30% ක් වත් අධ්‍යාපන ලැබුවේ නැත. එයට් බලපෑ ප්‍රධානතම හේතුව වුයේ සංඥා පහසුකම් නොමැති වීමයි.

දරුවන්ගේ අතට ස්මාර්ට් ජංගම දුරකතනය ලැබීමත් සමගම ඒවා හරහා පැමිණි විවිධ වීඩියෝ ක්‍රීඩා සදහා දරුවන් සීග්‍රයෙන් ඇබ්බැහි විය. ඒත් සමගම ටෙලිග්‍රැම් සහ වට්ස් ඇප් සමුහයන් හරහා අසභ්‍ය වීඩියෝ සහ ජයාරූප දහස් ගනනක් දරුවන් අතරේ බෙදා හැරෙමින් තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන්ගේ නිවෙස් වල කුඩා දරුවන් ඇතැයි අපි නොසිතමු. හිටියත් ඔවුන් රැක බලා ගැනීමට කවුරුන් හෝ ඇති බවට අප උපකල්පනය කරමු. නමුත් රාජ්‍ය සේවකයන් පවා රැකියාවට යා යුතුය. අනෙකුත් ගොවි කම්කරු ජනතාවද එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යාමට කුලී වැඩට, හේන් ගොවිතැනට යා යුතුය. රැකියා කරණ සියලු දෙනාම රැකියා කල යුතුය.

විවිධ දූෂණයන්ට ලක් වූ දු දරුවන්ගේ මොලයන් සේදීම බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් විසින් සිදුකිරීම ආරම්භ කිරීමත් සමගම යම් තාක් දරුවන් සතුව් තිබූ ස්මාර්ට් ජංගම දුරකථන දරුවන්ගෙන් ඉවත් විය.

නමුත් දැන් නැවතත් ලබන සතියේ සිට දින තුනක් පාසල් පැවැත්වීමත්, පාසල් නොපැවැත්වෙන දින දෙක online ක්‍රමය ඔස්සේත් සිදුකිරීමට කටයුතු කර තිබේ.

දැන් නැවතත් සිදුවන්නේ පෙරට වඩා බරපතල කටයුත්තකි. ආකාර දෙකකින් නැවතත් මෙසේ දරුවන් දූෂණය වීම ආරම්භ වෙයි. එක් පැත්තකින් පෙර අන්තර්ජාල ක්‍රීඩාවලින් නැවතත් දූෂණය වීම සහ අසභ්‍ය වීඩියෝ සහ චායාරූප මගින් 7, 8 වසර දරුවන්ගේ සිට ඉහලටම දූෂණය වීමයි. ඊටත් අමතරව සන්නිවේදන කුලුනුවලද සංඥාපහසුකම් නැති අතර එයට හේතුව වන්නේ ඉන්ධන නොමැතිව කුළුණු අක්‍රීයව තිබීමයි.

මේ කිසිවක් දෙස නොබලා අධ්‍යාපනය පමණක් දරුවන්ට අවශ්‍ය බව සිතනා , දුක් විදින ජනතාවගේ දුක් ගින්දර නොසිතන අධ්‍යාපන බලධාරීන් මීට වඩා සැලකිලිමත විය යුතුය. රටේ අධ්‍යාපනය බිඳ වැටෙන්නේද, දරුවන් අයාලේ යන්නේද, දෙමාපියන්ගේම වරදින් නොවේ. අයහපත් රටක අයහපත් අධ්‍යාපන බලධාරීන්ද එහි චුදිතයන්ය. තම දරුවන් අතට ස්මාර්ට් ජංගම දුරකථනය ලබා දීමට දෙමාපියන්ට සිදුවන්නේ අධ්‍යාපන බලධාරීන්ගේ තීරණ නිසාය.  

අධ්‍යාපනය යනු පොතම පමණක් නොවේ. යහපත් ලෙස ජීවත් වීම සඳහාත් ඔවුන්ගෙන් සමාජය සුරක්ෂා කරීමට අවශ්‍ය දර්ශනයත් යන දෙකම ලබා දීමයි. එහෙත් පොතේ දැනුම පමණක් ලබා දීමට යාමෙන්, සිලබස් එක පමණක් ආවරණය කිරීම ඇති බව සිතනා අධ්‍යාපන බලධාරීන්ගෙන් රටකට වැඩක් වේවිද?

එබැවින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ සිට පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දක්වාම මේ සියල්ලම දෙස දැන්වත් අවධානය යොමු කරමින් “කාමුක ලෝකයක සැරිසරන දරුවන්ගේ ගහන සමාජයක් බිහිකිරීම වැළක්විය යුතුය”.

Exit mobile version