අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සදහන් කර ඇත්තේ පාසල් ආශ්රිත මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
එම කර්තව්‍ය සදහා පළාත් අධ්‍යාපන බලධාරින්, කළාප කාර්යාල, ආරක්ෂක අංශ සහ දෙමව්පියන් එක් කරගනිමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කොට තිබේ.