අධ්‍යාපන ලේකම්වරයාට චෝදනාවක් – විදිමත් කාර්‍ය පටිපාටියෙන් බැහැරව ළමුන් ඇතුලත් කිරීමට කටයුතු කරනවා.

විධිමත් පටිපාටියෙන් බැහැරව 06 ශ්‍රේණිය සඳහා සිසුන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට අනුමත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාට චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වේ.  කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ 06 ශ්‍රේණියට සහ හලාවත ආනන්ද ජාතික පාසැලේ 06 ශ්‍රේණියට සිසුවියන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා අදාළ පාසැල්වල විදුහල්පතිවරුන් වෙත ලිපි නිකුත් කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

සාමාන්‍ය පටිපාටියට අනුව 05, 06 ශ්‍රේණිවලට එලෙස සිසුන් ඇතුලත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට හෝ බලයක් නොමැති බවයි අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ. 05 ශ්‍රේණියේදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සහ 06 ශ්‍රේණියේදී ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු අනුව පාසැල්වලට සිසුන් ඇතුලත් කිරීම ඊට හේතුවී තිබෙනවා.

හලාවත ආනන්ද ජාතික පාසැලේ 06 ශ්‍රේණියට ඇතුලත් කිරීමේ කඩඉම් ලකුණු 181 ක් වේ. එම පාසැලට සිසුවියක් ඇතුලත් කර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අනුමැතිය ලබාදී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 180 බැගින් ලබාගත් සිසුන් 36 දෙනෙකු පොරොත්තු ලේඛනයේ රැඳී සිටියදී බවද වාර්තා වේ.

කුරණෑගල මලියදේව බාලිකා විදයාලයේ හය වන ශ්‍රේණියට ශිෂ්‍යාවන් බඳවා ගන්නා කඩඉම් ලකුණ 191 ක් වේ. එම පාසැලේ 06 ශ්‍රේණියට ඇතුලත් වීම සඳහා ලකුණු 190 බැගින් ලබා ගත් සිසුවියන් 42 දෙදෙනෙකු පොරොත්තු ලේඛණයේ රැදී සිටින බව ද වාර්තා වේ.

රාවණා සටහන සියලු අමාත්‍යාංශවල ලේඛම් වරුන්ට එම කටයුතු සිදු කිරීම සදහා බලය තිබේ. නමුත් දරුවන් පොරොත්තු ලේඛනයේ සිටියදී එය මගහැර ඇතුලත් කිරීමේදී සමානාත්මතාවය  නමැති සංකලප්යට දැඩි ලෙස හානි සිදු වේ. නමුත් යම් කෙනෙකු විශ්‍රාම යාම, රාජකාරී ස්ථානමරුවීම් ආදී සාධාරණ හේතූන් මත පොරොත්තු ලේඛනය අභිබවා යමින් යම් දරුවෙකු  ඇතුලත් කිරීමට කටයුතු කිරීම සදහා ලේකම්වරයාට බලයක් තිබේ

Exit mobile version