අධ්‍යාපන කාර්ය සාධක බලකායට නව සාමාජිකයින්.

ජනාධිපතිතුමා විසින් මෙරට අධ්‍යාපන කාර්ය සාධක බලකායට නව සාමාජිකයින් කිහිපදෙනෙකු පත්කර ඇත.

උප කුලපතිවරයෙකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.පී.මහලියනාරච්චි, මහාචාර්ය එමි.ඩී.ළමාවංශ, මහාචාර්ය පී.එම්.සී.තිලකරත්න, මහාචාර්ය.ඒ.රමීස්, මහාචාර්ය.ආර්.යූ.එස්.කේ.රත්නායක, අචාර්ය ජේ.එල්.රත්නසේකර සහ දීපා ලියනගේ , ඕෂධ සේනානායක යන මහත්ම මහත්මීන් මෙම නව සාමාජිකයන් ලෙස පත්කර ඇත.

මීට අමතරව නැගෙනහිර පළාත තුළ පවතින පුරාවිද්‍යාත්මක උරුම කළමණාකරණය සඳහා වන ජනාධිපති කාරයසාධක බලකාය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනුම්පතිවරයා ද නම් කර ඇත.

Exit mobile version