අධිකරණයට අභියෝග කල රන්ජන්ට නිදහස!.පෙරහරකින් ගාලු මුවදොර පිටියට.?

පර්ලිමේන්තු වරප්‍රසාද නිසි ලෙස භාවිතා නොකරමින් පාර්ලිමේන්තුවෙන් එලියට පැමිණ අධිකරණය විවේචනය කිරීම මෙන්ම සමාජය පිළිගත් ආකාරයට සත්‍ය කතා කිරීම නිසා සිරබත් කන රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට නව අග්‍රාමාත්‍යවරයා යටතේ  බිහිවන නව රජයේ අවධානය යොමුව තිබේ.

වෙසක් පොහොය දිනය නිමිතිකරගෙන හෙට ඔහුව නිදහස් කිරීමට අවධානය යොමුකර තිබුනද කාලය මදි  වීම හේතුවෙන් ඔහුව නිදහස් කිරීම තව දින කිහිපයකින් ප්‍රමාද වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග අප වෙත පවසන ලදී. පැවති රජයද රංජන් රාමනායක නිදහස් කරන බැව් පවසමින් විවිධ අවස්ථාවල පුවත් මවමින් ජනතාව නොමග යැවීය. එසේ නොමග යවමින් විවිද උපක්‍රම භාවිතා කිරීම නිසාද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට දැවැන්ත ජනතා විරෝදයන් එල්ල විය.

එසේම තවත් බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව ඔහුගේ නිදහස් වීමත් සමගම ගාලු මුවදොර පිටියෙහි තිබෙන අරගල භූමිය වෙත පෙරහෙරකින් ඔහුව රැගෙන යාමටයි. ඔහුට නිදහස ලැබුනහොත් එසේ කිරීමට ඔහුගේ මේ වන විටත් සූදානමින් සිටී. ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට දැඩි අප්‍රසාධයක් ඇති වීමට බලපෑ තවත් ප්‍රධානතම හේතුවක් වුයේ රංජන් රාමනායක මහතා සිරගත කිරීමයි.

ජනතාව එය අනුමත නොකළ ද, ඔහුගේ එම ප්‍රකාශයන් කෙලින්ම අධිකරණයට අපාහාස වූ අතර ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව එසේ ප්‍රකාශ කිරීමට නීතිවිරෝදී වේ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අධිකරණයන් වල ඔහු ප්‍රකාශ කල වැරදි කතා කිරීමට තිබුනේ පාර්ලිමේන්තුව තුලය. එසේම ඔහු එම වැරදි සියල්ලම පාර්ලිමේන්තුව තුල කතාකරමින් යම් විභාගයක් සිදුකර ජනතාව වෙනුවෙන් බොහෝ දේ සිදු කිරීමට හැකියාව තිබුණි. කල යුතු දේ මෙන්ම නොකළ යුතු දේ සහ කල යුතු දේ නියමිත ලෙසම සිදු කරන්නේ කෙසේද යන්න නිසි අවබෝධය මෙන්ම නිසි දැනුම නොමැතිවීමෙන්  ඔහු වැරදිකරු බවට පත් විය.

කෙසේ වෙතත් රන්ජන් නිදහස් කිරීම කල යුතු අතර ඔහු සමාජයට ලබා දුන් අධිකරණය පිලිබදව වන පණිවිඩය තුල අධිකරණයන් තුල යම් වැරදිකාරි දේවල් තිබේ නම් ඒවා නිවැරදි කිරීමට, නැවත ඒවා සිදුනොවීමට රජය, අගවිනිසුරුතුමා මෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානය යොමුකරමින් අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීමේ යාන්ත්‍රනය සැකසිය යුතුව තිබේ. එසේ නොමැති වුවහොත් දිගින් දිගටම අධිකරණයට තිබෙන ගරුත්වයට හානි සිදුවනු ඇත. එය රටක් ලෙස තව දුරටත් දැවැන්ත පරිහානියකට ලක්වෙමින් පවතිනු ඇත.

https://www.ravanalankanews.lk/8842/01/%e0%b6%bb%e0%b6%82%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83/12/17/
Exit mobile version