ඊයේ (02) නුවරඑළිය මහේස්ත්රාත්වරයා විසින් අධිකරණ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට සාපරාධි ලෙස බලහත්කාරය පෑ සැකකරුවෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව පොලිසිය පවසයි.
මහේස්ත්රාත්වරයා විසින් අධිකරණයේ නිශ්ශබ්දතාවය ආරක්ෂා කර දෙන ලෙස අදාළ පොලිස් නිලධාරියාට නියෝග කර ඇති අතර එම නිලධාරියා පැමිණ සිටි පිරිස අමතා අධිකරණයේ කටයුතුවලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙස දැනුම් දී ඇත.
එහිදී එක් පුද්ගලයෙකු අමතා නිශ්ශබ්ධ වන ලෙසත් ඔහු පැමිණි අධිකරණ කටයුතු අවසන් වී ඇත්නම් එම ස්ථානයෙන් පිටවන ලෙසත් දැනුම් දී ඇත.
ඒ අවස්ථාවේ එම පුද්ගලයා විසින් පොලිස් නිලධාරිවරයාට බැණවැදී පහරදිමක් සිදුකර නිලධාරියාගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමක් සිදුකර තිබේ.
ඉන් පසු අධිකරණයේ සිටි සෙසු පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන නුවරඑලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නානුඔය ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.