ශ්‍රී ලංකාවේ අධිකරණය පද්ධතියට හානිකරවන, අපකීර්තිදායක ලෙස සිදුවන කටයුතු කලින් කලට සිදු වේ. ඒවා සිදුකරනුයේ දේශපාලන නායකයන්ගේ උන්මත්තක ප්‍රතිපත්ති සහ තීන්දු මත බව ඒවායේ අතීතයට ගිය විට දක්නට තිබේ. 2006 ට පෙර ශ්‍රී ලංකාවේ අධිකරණ සියල්ලම ඉතාම හොදින් ක්‍රියාත්මක විය. “දෙපසටම සවන් දෙනු” යන විධානයට අනුව සියලුම විනිසුරුන් පාහේ තම රාජකාරිය ඉතාම හොදින් කලබවට පැරණි නඩු තීන්දු අධ්‍යයනය කිරීමේදීද, පැරණි විනිසුරුවරුන්ගේ කතා අධ්‍යයනය කිරීමේදීද අපට මනාව වටහා ගැනීමට හැකියාව තිබේ.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට කන කොකා හැඬීම ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ යුගයේය. එකල රජයේ මැති ඇමතිවරුන් විසින් අත් උස්සා මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා ලෙස අසීමිත බලයක් ලබා දීමට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කළේය. එසේ අනුමත කිරිමත් සමගම රටට සිදු වූ යහපත්ම දේ යුද්ධය නිම කිරීමය. අයහපත්ම සිද්ධීන් විශාල වශයෙන් සිදු වුවත් ඉන් මුල්ම කාලයේ සිදු වුයේ ඔහු අධිකරණයට අත තැබීමයි. සමහර විට එයට හේතුව ඔහු අතීතයේදී මුහුණ දුන් යම් යම් අසාධාරණ කම් ද විය හැකිය. නමුත් ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කල යුත්තේ ඒ ආකාරයට නොවේ. යහපත් නිහඬ විනිසුරුවරුන් එතෙක් සිදුකල සාධාරණයට කනේ පහරක් ගසමින් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කල ජේෂ්ඨතම නීතිඥවරුන්ට මහාධිකරණ විනිසුරු තනතුරු පිරිනැමීය. එම තීරණය කෙතරම් අමනෝඥ වුයේද යත් රන්ජන් රාමනායක මහතාගේ “හඬ පට” සිද්ධීන්වලින් අධිකරණ පද්ධතියට දැඩි හානියක් ඇතිවිය. එසේ කරලියට පැමිණියේ එක් සිද්ධියක් පමණි. විද්‍යාත්මකව පිළිගත් සාක්ෂි නොමැති වුවත් මේ මව් බිමේ එවැනි සිද්ධීන් කොපමණ සිදුවන්නේද යන්න කතා ඕනා තරම් අපට ඇසේ. සාක්ෂි අවශ්‍යනම් අධිකරණවල සියලුම ජංගම සහ අනෙකුත් දුරකතනවල දුරකථන වාර්තා සහ පටිගත කිරීම් ලබාගෙන සොයාගැනීමට හැකිය. එවැනි සිද්ධින්වලට වරද විනිසුරුවරුන්ගේ නොවේ.
ශ්‍රී ලංකාවේ බොහෝ ධානපතින් මුදල් සොයන්නේ කළු කඩ වෙලදාමෙනි. ගුරුවරුන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් පාසලේ උගන්වන්නේ නැත. පාසලේ උගන්වන්නේ නැති ඔවුන් උපකාරක පන්තියේ උගන්වයි. එයට සහභාගි නොවනා දරුවන්ට පාසල තුලදී විවිධ ප්‍රශ්න ඇතිකරවයි. පාතාල, මත්ද්‍රවය, බෙහෙත්, කොන්ත්‍රාත් ආදී විවිධ දුෂිත ක්‍රමවලින් බහුතරයක් ධනපතින්ව සිටි. පාතාල, මත්ද්‍රවය වැනි නඩුවලට සැකකරුවන් තමන් වෙනුවෙන් කතාකිරීමට නීති සහාය ලබා ගනී. ඔවුන් ලබා ගන්නේ මෙරට නමක් දිනු නීතිඥයන්ය. එක නඩු වාරයක් පෙනී සිටීම වෙනුවෙන් නඩු ගාස්තු ලෙස විශාල මුදලක් ලබා ගනී. එය වරදක් යයිඋ කිව නොහැක. ඔවුන්, ඔවුන් වෙනුවෙන් මහන්සියෙන් ගොඩනගාගෙන තිබෙන නාමය එයයි.
අධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීමට පෙර නීතිවේදියෙකු ලෙස අවුරුදු 4 ක් සාමාන්‍ය ලෙස නඩු වෙනුවෙන් පෙනී සිටිය යුතු අතර නීතිඥයෙකු ලෙස දිවුරුම් දීමට පෙර ජෙෂ්ඨ නීතිඥයෙකු සමග පුහුණු විය යුතුය. ශ්‍රී ලංකාවේ බොහෝ විනිසුරුවරුන්ගේ ගුරුවරුන් වන්නේ එම නිතිඥවරුන්ය. ජනාධිපති නීතිඥවරුන්වන විජේදාස රාජපක්ෂ, අලි සබ්රි, ටිරන්ත වලලියද්ද, යු ආර් සිල්වා, රොමේෂ් සිල්වා වැනි මහත්වරුන්ගෙන් බිහි වූ විනිසුරුවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාව තුල සිටි. එම විනිසුරුවරුන්ගේ පුහුණු ගුරුවරුන් වන්නේ එවැනි යම් උත්කෘෂ්ඨභාවයක් තිබෙන නීතිඥයන්ය.
ශ්‍රී ලංකාවේ අධිකරණ මෙන්ම විනිසුරුවරුන්ද මහජන ආයතන සහ සේවකයෝ වෙති. නමුත් එය ස්වාධීනව ක්‍රියාත්මක වන අතර අධිකරණ සේවා කොමිෂන් සභාව එහි ප්‍රධානතම පාලන ආයතනය ලෙස ක්‍රියත්මක වේ. නමුත් අධිකරණ සංවිධාන පනතේ 3 වැනි වගන්තියට අනුව අග්‍රවිනිශ්චයකාරවරයා සමග සහ අභියාචනාධිකරණයේ සභාපතිවරයා සමග අධිකරණ අමාත්‍යවරයා රාජකාරිමය වශයෙන් බැඳීමක් පවතී. අමාත්‍යවරයාගේ වගකීම වන්නේ ප්‍රතිපත්ති සැකසීම වේ. ඒ හැර අධිකරණවල පවතින නඩු වෙනුවෙන් යම් බලපෑමක් කිරීමට, හෝ පවතින හෝ පවරනු ලබන නඩු වෙනුවෙන් නිවේදන නිකුත් කිරීමට බලයක් නැත. නමුත් ප්‍රතිපත්ති සකස් කිරීම ආදී දේ පිළිබඳව නිවේදන නිකුත් කිරීමේ හැකියාව පවතී.
අනෙකුත් අමාත්‍යවරුද තමන් යටතේ පවතින ආයතවලට බලපෑම් කරන බව නොරහසකි. ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා විනිසුරුවරුන්ට බලපෑම් නොකරනු ඇතැයි විශ්වාස කල නොහැක. එසේ කර තිබේද නැද්ද යන්න සෙවීමට නම් සියලුම දෙනාගේ දුරකථන වාර්තා පරික්ෂා කල යුතුය. කෙසේ නමුත් විනිසුරුවරුන්ට තම රාජකාරිය නිදහසේ ඉටුකිරීමට ඉඩ දිය යුතුමය. එය එසේ කිරීමට ඉඩ ලබා නොදුනහොත් මහජනතාවගේ එකම පිහිටට සිටින අධිකරණයද දුෂිත වනු ඇත. මහින්ද රාජපක්ෂ රජයේ මැති ඇමතිවරුන් කල දේ දිගින් දිගටම සිදුවීමට ඉඩ තැබීම සුදුසු නොවේ. වර්තමානයේද ජනතාව මෙම දුෂිත ක්‍රමයන්ට එරෙහි වෙති. ඔවුන් ඒවා පිළිබඳව කතා කරනුයේ අප්‍රසන්න ලෙසිනි.
මේ වන විටත් අධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකුටම විවිධ චෝදනා එල්ලවෙමින් පවතී. ඉන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් වන සම්පත් අබේකෝන් මහතාටද චෝදනාවක් ඉදිරිපත්ව තිබේ. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සමීප හිතවතෙකු බවටයි. එසේම ප්‍රසන්න රණතුංග මහතා සමග මෑතකදී කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක යම් සාකච්චාවක් පැවැත් වූ බවත්, ඔවුන් සමීප මිතුරන් බවටත් අපට ලැබී තිබෙන ලිපියක සඳහන් වේ. එහි තවත් තොරතුරු ගණනාවක් සදහන් කර තිබේ. තමන්ගේ හිතවතෙකු අසුරුකිරීමට තහනමක් පැවතිය නොහැකි නමුත් චෝදනාවක් එල්ල වන්නේ නම් ඒ පිළිබඳව පරෙස්සම්වීමට වගබලා ගැනීම විනිසුරු සම්පත් අබේකෝන් මහතාගේ වගකීම වේ. එය වාර්තාකිරීම ජනමාධ්‍යවේදියාගේ වගකීම වේ. ප්‍රජාවේ සියල්ලෝම සුරැකීම අපගේ වගකීම වේ. යම් අධිකරණ විනිසුරුවරයෙකුට චෝදනාවක් එල්ලවිම සුදුසු නැති අතර එය එසේ වීමෙන් අප රටක් ලෙස තව දුරටත් පහලට වැටෙන බව දැනටමත් පෙන්නුම් කර තිබේ.
ඒ අතර බලපිටිය මාහාධිකරණ විනිසුරුවරයාටද චෝදනාවක් එල්ලව තිබේ. ඒ පොලිස් පරීක්ෂක බාලෙන්ද්‍රසිංහගේ මරණයට හේතුව ඔහුගේ අනීතික ක්‍රියාවන් නිසා බවටයි. එසේම බාලෙන්ද්‍රසිංහගේ මරණය සිදුකිරීමට අවශ්‍ය පරිසරය ඔහු විසින් නිර්මාණය කල බවටද චෝදනා එල්ලව තිබේ. එසේම ඔහුගේ ආරක්ෂක නිලධාරියාද තම රාජකාරී ගිනි අවිය පොලිසියට බාර නොදෙන බවත්, එම ගිනි අවිය රාජකාරියෙන් පරිභාහිරව භාවිතාකරන බවත්, මෙම විනිසුරුවරයා සහ උප සේවා පොලිස් පරීක්ෂකවරයා සෘජුවම පාතාලය සමග සබඳකම් පවතින බවටත් චෝදනා එල්ලව තිබේ. ඒ අනුව පොලිස් පරීක්ෂක බාල්න්ද්‍රසිංහ මරා දැමීම සඳහා අවශ්‍ය සැලසුම් සකසා තිබෙන්නේ මෙම විනිසුරුවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාවන උප සේවා පොලිස් පරීක්ෂක නීල් නමැති අයෙකු බවටද චෝදනා එල්ල වේ. එසේම උපසේවා පොලිස් පරීක්ෂකවරයා සතුව තිබෙන ගිනි අවියද විවිධ අපරාධ සදහා යොදවාගෙන තිබෙන බවද, එම ගිනි අවිය 24 පැයම තබා ගන්නා බවත් රාජකාරියෙන් පසු එම ගිනි අවිය පොලිස් ස්ථානයට බර නොදෙන බවටද චෝදනා එල්ල වේ. ඒ අනුව පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහගේ මරණය පිළිබඳව සහ එයට වගකිව යුතු අනෙක් පාර්ශ්වයන්ද සෙවීමේ පරීක්ෂණ යටගසා තිබෙන බවට පොලිස් දෙපාර්තමේන්තුවටම චෝදනාවක් එල්ල වේ. (මෙම සිද්ධිය පිළිබදව අපක්ෂපාති ගවේෂණාත්මක වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කෙරේ – පවුලේ උදවිය සම්පුර්ණ විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් සහ අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටී)
එවැනි අධිකරණ විනුසුරුවරුන් කිහිපදෙනෙකුටම චෝදනා එල්ලවන්නේ නඩුකටයුතුවලට පරිභාහිරව සිදුකරනු ලබන විවිධ දුෂිත ක්‍රියාවන් හේතුවෙනී. විශිෂ්ඨ ඝනයේ විනිසුරුවරුන්ටද එය දැඩි හානියකි. එය ඊටත් වඩා ගැටළු සහගත වන්නේ පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන විනාශවෙමින්, මහජනතාවට දැඩි පීඩාවක් ගෙන දෙන විට මහජනතාවට යුක්තිය ඉටුකරනු ඇතැයි දැඩි විශ්වාසයෙන් පියනගන අධිකරණයන් ද ආරක්ෂා නොකළහොත් අපගේ රටේ සියල්ලෝම ම්ලේච්ච වන බැවිනි. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා කුඩු පාතාලය විසින් මරා දැමුවත් ඔහුගේ නාමය අදටත් අමරණීය වේ. පොලිස් නිලධාරීන්ට සේ විනිසුරුවරුන්ටත් මහජනතාව එරෙහිවන කාලයක් උදාවීමට ඉඩ නොතැබිය යුතුය. කුමාරි අබේරත්න, ලංකා ජයරත්න වැනි විනිසුරුවරුන් ගණනාවකට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලිකර තිබුනත් ඒවාට ගත යුතු නිසි ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ දැයි අපට වාර්තා වන්නේ නැත. විනිසුරුවරුන්ට එරෙහිව ලැබෙන චෝදනාවලට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග නිසි ලෙස ගෙන තිබෙන්නේ නම් එය අගය කල යුතුය. එසේ ගෙන නොමැත්තේ නම් කනගාටුවට කරුණක් වන්නේ අපගේ ඉරණම රැදී තිබෙන්නේ අධිකරණය තුලින් පමණක් බැවිනි.
එවන් පසුබිමක් තුල අධිකරණයේ පවතින නඩුවකට අදාළව ප්‍රකාශ නිකුත්කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, හරිනි අමාලි කබ්රාල් විජේතුංග සහ කීර්ති රත්නායක යන අයට එරෙහිව අභියාචනාධිකරණයේ පෙත්සම් ගොනුකර ඇති බව අධිකරණ අමාත්‍යංශය ඉකුත් සති අන්තයේ නිවේදනය කර තිබිණි. එය ද අයිලන්ද වාර්තා කර තිබුණි.
එම නිවේදනයට අනුව අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ කුලියාපිටිය ‘ඇටඹගහමුල බිම් වාසිය’ ගොඩනැගිල්ලේ හිමිකරු වන මුතුකුඩ ආරච්චිගේ දොන් සුරංග දිල්රුක් නමැත්තායි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය ප්‍රකාරව දිල්රුක් ගොනුකළ පෙත්සම් තුන අධිකරණ අමාත්‍යංශය විසින් ජනමාධ්‍ය වෙත මුදාහැර තිබිණි.
කොටස් 176කින් සමන්විත ‘ඇටඹගහමුල බිම් වාසිය’ නම් ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් කුලියාපිටිය දිසා අධිකරණයේ විභාග වූ නඩුවකට අදාළ වගඋත්තරකරුවන් වූයේ කිරිබත්ගොඩ ගැමා ඉන්ටර්නැෂනල් සමාගම සහ එහි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකි.
2023 සැප්තැම්බර් 20 දින විකාශය වූ ‘Truth with Chamuditha’ වැඩසටහනට පෙනීසිටි ගැමා ඉන්ටර්නැෂනල් සමාගමේ අමාලි කබ්රාල් විජේතුංග පැවසුවේ, රුපියල් බිලියන 2-4ක් වටිනා දේපළ තම සමාගමට අයත් බවත්, නඩුවට අදාළව නිකුත් කර ඇති අතුරු නියෝගය සම්බන්ධයෙන් තමන් අධිකරණයට කෘතඥ වන බවත්ය.
මේ වසරේ මාර්තු මාසයේදී ලැබුණු මෙම අධිකරණ නියෝගය නොතකා කුලියාපිටිය ප්‍රදේශයේ මැරයන් ඇයට එම පරිශ්‍රයට යෑමට ඉඩ නුදුන් බවට විජේතුංග එම වැඩසටහනේදී චෝදනාකර තිබේ.
එමනිසා එම ගොඩනැගිල්ල නැවත ලබාගැනීම සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ලබාගෙන ඇති පවසා ඇති ඇය, තම මව්පියන් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවා ලබාගත් නීතීඥයකු මේ වනවිට අනෙක් පාර්ශ්වයට පක්ෂපාතීත්වය මාරුකර ඇති බවත් පැවසුවාය.
කෙසේවෙතත් පවරා ඇති නීතිමය අභියෝගයට මුහුණ දීමට තමන් සූදානම් බව පවසන චමුදිත සමරවික්‍රම ප්‍රශ්නකර සිටින්නේ, මේ සඳහා අධිකරණ අමාත්‍යංශය මැදිහත් වූයේ මන්ද යන්නයි.
පෞද්ගලික නඩුවක් සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් අධිකරණ අමාත්‍යංශය විසින් ජනමාධ්‍ය වෙත මුදාහැරීමේ අවස්ථා මීට පෙර නොතිබූ බව සමරවික්‍රම පෙන්වාදෙයි.
අධිකරණ අමාත්‍යංශයට අනුව, 2023 සැප්තැම්බර් 20 වැනි දින විකාශය වූ ‘Truth with Chamuditha’ වැඩසටහන , කීර්ති රත්නායක විසින් 2023 ජුනි 23 සහ අගෝස්තු 23 යන දිනවල පළකරන ලද ෆේස්බුක් සටහන් දෙකක් සහ චමුදිත සමරවික්‍රමගේ ‘News Brief ’ වැඩසටහන පිළිබඳ පෙත්සම්කරු අභියාචනාධිකරණයට පැමිණිලිකර තිබේ.
අදාළ වැඩසටහනේදී අමාලි විජේතුංග පවසා තිබුණේ,කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කල්ලියක පුද්ගලයකු තමා ඇමතීමෙන් පසු ගනේමුල්ලේ සංජීව නමැති අයකුගෙන් තමාට තර්ජනාත්මක ඇමතුමක් ලැබුණු බවයි.
තමා මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් වෙත මෙම ගැටලුව ගෙන ගියද, ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවට ද එහිදී විජේතුංග චෝදනා කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිලිවලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු බව ප්‍රකාශ කළ ඇය, විදේශ බුද්ධි අංශයක අනුග්‍රහය ඇතිව ගනේමුල්ලේ සංජීව අත්අඩංගුවට ගැනීම සඳහා තමන් හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරියකුගේ සහාය ලබාගැනීමට ගත් තීරණය සාධාරණීකරණය කළාය.
කෙසේවෙතත් ගනේමුල්ලේ සංජීව සැප්තැම්බර් 13 වැනි දින බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී (BIA) අත්අඩංගුවට ගනු ලැබුවේ නේපාලයේ සිට පැමිණි අවස්ථාවේදීය.
මතභේදයට තුඩු දී ඇති කුලියාපිටිය ගොඩනැගිල්ලට අදාළ නඩුව ඉදිරියට ගෙනයෑම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහාය ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා විජේතුංග මෙම වැඩසටහනේදී පුන පුනා ප්‍රතික්ෂේප කර තිබිණි.
ඇය චෝදනාකර තිබුණේ වැඩබලන විනිසුරුවරයකු ඇතුළු කුරුණෑගල සහ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි නීතීඥයන් කිහිපදෙනෙකු ව්‍යාජ ඔප්පු සකස්කිරීමට සම්බන්ධ වී මෙම ජාවාරමේ කොටස්කරුවන් වී ඇති බවයි.
මෙම ජාවාරමේ මහ මොළකරුට අමතරව ව්‍යාපාරිකයකු සහ මන්ත්‍රීවරයකුද සම්බන්ධ බවට චෝදනා කරමින් ඇයගේ නීතීඥයින්ගේ උපදෙස් මත ඔවුන් නම් මේ මොහොතේ ප්‍රකාශ නොකරන බව විජේතුංග කියා සිටියාය.
ඔවුන් ද ඉදිරියේදී නම් කෙරෙනු ඇති අතර මේ මොහොතේ එසේ නොකරන ලෙසට නීතීඥයින් තමන්ට උපදෙස් දී ඇති බවද ඇය කියා සිටියාය.
ජගත් වික්‍රමනායක, රොනල්ඩ් පෙරේරා, සමන්ත ප්‍රේමචන්ද්‍ර, නිරෝෂන් සිරිවර්ධන, චමින්ද අතුකෝරළ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් තම නීතීඥ කණ්ඩායම තමාගේ නඩුව හොඳින් මෙහෙයවූ බවද විජේතුංග එහිදී පවසා තිබිණි.
ශ්‍රී රාවනා ලංකා සටහන – පිඩිත මිනිසුන් වෙනුවෙන් අප අධිකරණය ආරක්ෂාකර ගත යුතුමය.
මහජන ආරක්ෂාව සහතික කිරීම අත්‍යවශ්‍ය සහ බොහෝ විට අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වුවද, මෙම ප්‍රයත්නයන් අපගේ සිවිල් සහ මානව අයිතිවාසිකම්වලට පටහැනි නොවන අතර ඒවා කිසිවිටෙක අඩපණ කිරීමට යොදා නොගත යුතුය.
සෑම දිනකම, විනිසුරුවන් තීරණාත්මක, සමහර විට ජීවිතාරක්ෂක, වැදගත්කම පිළිබඳ ගැටළු තීරණය කරයි. සෞඛ්‍ය රැකවරණය, රැකියාව, නිවාස, සංක්‍රමණ යුක්තිය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආරක්ෂාව සහ තවත් බොහෝ දේ සම්බන්ධ කාරණා සඳහා බොහෝ විට අධිකරණයේ මැදිහත්වීම අවශ්‍ය වන නීතිමය සහය මිනිසුන් පතයි. විනිසුරුවන් සිවිල් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිගෙන ප්‍රමුඛත්වය දිය යුතු අතර – ඒවා යටපත් කිරීමට හෝ අඩපණ කිරීමට දරන ඕනෑම උත්සාහයක් ප්‍රතික්ෂේප කළ යුතුය.
1985 අගෝස්තු 26 සිට සැප්තැම්බර් 6 දක්වා මිලාන්හි පැවති අපරාධ වැළැක්වීම සහ වැරදිකරුවන්ට සැලකීම පිළිබඳව හත්වන එක්සත් ජාතීන්ගේ සම්මේලනය විසින් සම්මත කරන ලදී. එය 1985 නොවැම්බර් 29 දින 40/32 සහ 1985 දෙසැම්බර් 13 දින 40/146 මහා සභා යෝජනා මගින් අනුමත කරන ලදී.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ ලෝක ජනතාව අන්‍යෝන්‍ය වශයෙන්, මානව හිමිකම් සහ මූලික නිදහස සඳහා කිසිදු භේදයකින් තොරව ගරු කිරීම ප්‍රවර්ධනය කිරීම සහ දිරිගැන්වීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සාක්ෂාත් කර ගැනීම සඳහා යුක්තිය පවත්වා ගත හැකි කොන්දේසි ස්ථාපිත කිරීමට කටයුතු කිරීම ඔවුන්ගේ අධිෂ්ඨානය තහවුරු කරයි.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය විශේෂයෙන් නීතිය ඉදිරියේ සමානාත්මතාවය, නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනය සහ නීතිය මගින් ස්ථාපිත කර ඇති දක්ෂ, ස්වාධීන සහ අපක්ෂපාතී විනිශ්චය සභාවක් විසින් සාධාරණ හා ප්‍රසිද්ධ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය පිළිබඳ මූලධර්ම ඇතුළත් වන අතර, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් දෙකම එම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සහතික කරන අතර, ඊට අමතරව, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව නඩු විභාගයට ඇති අයිතිය තවදුරටත් සහතික කරයි.
එම මූලධර්මවලට යටින් පවතින දර්ශනය සහ සැබෑ තත්ත්වය අතර පරතරයක් නිතර පවතින නමුත්, සෑම රටකම යුක්තිය පසිඳලීමේ සංවිධානය සහ පරිපාලනය එම මූලධර්මවලින් ආභාෂය ලබා ගත යුතු අතර, ඒවා සම්පූර්ණයෙන්ම යථාර්ථයට පරිවර්තනය කිරීමට උත්සාහ කළ යුතුය.
අධිකරණ නිලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ නීති මගින් විනිසුරුවරුන්ට එම මූලධර්මවලට අනුකූලව ක්‍රියා කිරීමට හැකිවීම අරමුණු කළ යුතු අතර, පුරවැසියන්ගේ ජීවිතය, නිදහස, අයිතිවාසිකම්, යුතුකම් සහ දේපළ පිළිබඳ අවසාන තීරණය විනිශ්චයකරුවන්ට පැවරෙන අතර, අපරාධ වැලැක්වීම සහ වැරදිකරුවන්ට සැලකීම පිළිබඳ හයවන එක්සත් ජාතීන්ගේ සම්මේලනය, එහි 16 වන යෝජනාව මගින්, අපරාධ වැලැක්වීම සහ පාලනය පිළිබඳ කමිටුවට විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය සහ තේරීම සම්බන්ධ මාර්ගෝපදේශ විස්තාරණය කිරීම එහි ප්‍රමුඛතා අතරට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියේය. විනිසුරුවරුන්ගේ සහ නඩු පවරන්නන්ගේ වෘත්තීය පුහුණුව සහ තත්ත්වය, යුක්තිය පසිඳලීමේ පද්ධතියට අදාළව විනිසුරුවරුන්ගේ කාර්යභාරය සහ ඔවුන්ගේ තේරීම, පුහුණු කිරීම සහ හැසිරීමේ වැදගත්කම පිළිබඳව පළමුව සලකා බැලීම සුදුසු වේ.
අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සාමාජික රටවලට සහාය වීම සඳහා සකස් කර ඇති පහත මූලික මූලධර්ම, ඔවුන්ගේ ජාතික නීති සම්පාදනයේ සහ භාවිතයේ රාමුව තුළ රජයන් විසින් සැලකිල්ලට ගෙන ගරු කළ යුතු අතර විනිසුරුවරුන්ගේ, නීතිඥයින්ගේ අවධානයට යොමු කළ යුතුය. , විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින් සහ පොදුවේ මහජනතාව. ප්‍රධාන වශයෙන් වෘත්තීය විනිසුරුවන් මනසේ තබාගෙන මූලධර්ම සකස් කර ඇත, නමුත් ඒවා පවතින තැන විනිසුරුවන් තැබීමට සුදුසු පරිදි සමානව අදාළ වේ.
අධිකරණයේ ස්වාධීනත්වය
1. අධිකරණයේ ස්වාධීනත්වය රජය විසින් සහතික කළ යුතු අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ රටේ නීතියට ඇතුළත් කළ යුතුය. අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ ඒවා පිළිපැදීම සියලුම රාජ්‍ය හා අනෙකුත් ආයතනවල යුතුකමකි.
2. අධිකරණය ඔවුන් ඉදිරියෙහි කරුණු කාරණා පදනම් කරගෙන, නීතියට අනුකූලව, කිසිදු සීමාඔවකින් තොරව, අනිසි බලපෑම්වලින්, පෙළඹවීම්වලින්, බලපෑම්වලින්, තර්ජනවලින් හෝ ඇඟිලි ගැසීම්වලින් තොරව, සෘජුව හෝ වක්‍රව, ඕනෑම පාර්ශවයකින් හෝ කිසියම් හේතුවක් නිසා අපක්ෂපාතීව ඔවුන් ඉදිරියේ කරුණු තීරණය කළ යුතුය.
3. අධිකරණයට අධිකරණ ස්වභාවයේ සියලුම ගැටළු සම්බන්ධයෙන් අධිකරණ බලය ඇති අතර එහි තීරණය සඳහා ඉදිරිපත් කරන ලද ගැටලුවක් නීතියෙන් අර්ථ දක්වා ඇති පරිදි එහි නිපුණතාවය තුළ තිබේද යන්න තීරණය කිරීමට තනි බලයක් තිබිය යුතුය.
4. අධිකරණ ක්‍රියාවලියට නුසුදුසු හෝ අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදු නොකළ යුතු අතර, අධිකරණය විසින් ගනු ලබන අධිකරණ තීන්දු සංශෝධනයට යටත් නොවිය යුතුය. මෙම මූලධර්මය අධිකරණ සමාලෝචනයට හෝ නීතියට අනුකූලව අධිකරණය විසින් නියම කරන ලද දඬුවම් නිසි බලධාරීන් විසින් අවම කිරීම හෝ වෙනස් කිරීම සඳහා අගතියකින් තොරව වේ.
5. ස්ථාපිත නෛතික ක්‍රියා පටිපාටි භාවිතා කරමින් සාමාන්‍ය උසාවි හෝ විනිශ්චය සභා මගින් විභාග කිරීමට සැමට අයිතියක් ඇත. නීතිමය ක්‍රියාවලියේ නිසි ලෙස ස්ථාපිත ක්‍රියාපටිපාටි භාවිතා නොකරන විනිශ්චය සභා සාමාන්‍ය අධිකරණ හෝ අධිකරණ විනිශ්චය සභාවලට අයත් අධිකරණ බලය විස්ථාපනය කිරීමට නිර්මාණය නොකළ යුතුය.
6. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මූලධර්මය අධිකරණ කටයුතු සාධාරණ ලෙස පවත්වාගෙන යාම සහ පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහතික කිරීමට අධිකරණයට හිමිකම් ඇති අතර එය අවශ්‍ය වේ.
7. අධිකරණයට එහි කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමට හැකි වන පරිදි ප්‍රමාණවත් සම්පත් සැපයීම එක් එක් සාමාජික රාජ්‍යයේ යුතුකම වේ.
අදහස් ප්‍රකාශ කිරීමේ සහ ආශ්‍රය කිරීමේ නිදහස
8. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුකූලව, අධිකරණයේ සාමාජිකයන් අදහස් ප්‍රකාශ කිරීමේ, විශ්වාසයේ, ඇසුරු කිරීමේ සහ රැස්වීමේ නිදහසට හිමිකම් ඇති අනෙකුත් පුරවැසියන් හා සමාන ය; කෙසේ වෙතත්, එවැනි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේදී, විනිසුරුවන් සෑම විටම තම ධූරයේ ගෞරවය සහ අධිකරණයේ අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
9. විනිසුරුවරුන්ට විනිසුරුවරුන්ගේ හෝ වෙනත් අයගේ සංගම් පිහිටුවීමට සහ සම්බන්ධ වීමට නිදහස ඇත
සුදුසුකම්, තේරීම සහ පුහුණුව
10. අධිකරණ නිලතල සඳහා තෝරාගනු ලබන පුද්ගලයන් නීතිය පිළිබඳ සුදුසු පුහුණුවක් හෝ සුදුසුකම් සහිත අවංකභාවය සහ හැකියාව ඇති පුද්ගලයන් විය යුතුය. අධිකරණ තෝරා ගැනීමේ ඕනෑම ක්‍රමයක් අනිසි චේතනාවන් සඳහා අධිකරණ පත්වීම්වලින් ආරක්ෂා විය යුතුය. විනිසුරුවරුන් තෝරා ගැනීමේදී, අපේක්ෂකයකුගේ අවශ්‍යතාවයක් හැර, ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම, දේශපාලන හෝ වෙනත් මත, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත හෝ තත්ත්‍වය පදනම් කරගෙන පුද්ගලයෙකුට වෙනස් කොට සැලකීමක් සිදු නොකළ යුතුය. මක්නිසාද අධිකරණ නිලය අදාළ රටේ ජාතිකයෙකු විය යුතුය, වෙනස් කොට සැලකීමක් ලෙස නොසැලකේ.
සේවා කොන්දේසි සහ සේවා කාලය
11. විනිසුරුවරුන්ගේ නිල කාලය, ඔවුන්ගේ ස්වාධීනත්වය, ආරක්ෂාව, ප්‍රමාණවත් වේතනය, සේවා කොන්දේසි, විශ්‍රාම වැටුප් සහ විශ්‍රාම යන වයස ප්‍රමාණවත් ලෙස නීතියෙන් සුරක්ෂිත කළ යුතුය.
12. විනිසුරුවරුන්, පත් කළ හෝ තේරී පත් වූවත්, අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසක් හෝ ඔවුන්ගේ නිල කාලය අවසන් වන තෙක් ධුර කාලයක් සහතික කර තිබිය යුතුය.
13. විනිසුරුවරුන් උසස් කිරීම, එවැනි පද්ධතියක් පවතින ඕනෑම තැනක, වෛෂයික සාධක මත පදනම් විය යුතුය, විශේෂයෙන් හැකියාව, අඛණ්ඩතාව සහ පළපුරුද්ද.
14. ඔවුන් අයත් වන අධිකරණය තුළ විනිසුරුවරුන්ට නඩු පැවරීම අධිකරණ පරිපාලනයේ අභ්‍යන්තර කාරණයකි.
වෘත්තීය රහස්‍යභාවය සහ ප්‍රතිශක්තිය
15. අධිකරණය ඔවුන්ගේ සාකච්ඡා සම්බන්ධයෙන් වෘත්තීය රහස්‍ය භාවයෙන් බැඳී සිටිය යුතු අතර, පොදු කටයුතුවලදී හැර වෙනත් රාජකාරිවලදී ලබා ගන්නා රහස්‍ය තොරතුරුවලට සහ එවැනි කාරණා සම්බන්ධයෙන් සාක්ෂි දීමට බල නොකළ යුතුය.
16. ජාතික නීතියට අනුව, කිසිදු විනය පටිපාටියකට හෝ අභියාචනා කිරීමේ අයිතියකට හෝ රජයෙන් වන්දි ගෙවීමට අගතියකින් තොරව, විනිසුරුවරුන් තම අධිකරණ ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීමේදී අනිසි ක්‍රියාවන් හෝ අතපසුවීම් සඳහා මූල්‍යමය හානි සඳහා සිවිල් නඩු වලින් පුද්ගලික මුක්තිය භුක්ති විඳිය යුතුය. .
විනය, අත්හිටුවීම සහ ඉවත් කිරීම
17. විනිසුරුවරයෙකුට ඔහුගේ/ඇයගේ අධිකරණ සහ වෘත්තීය හැකියාවෙන් එරෙහිව කරන ලද චෝදනාවක් හෝ පැමිණිල්ලක් සුදුසු ක්‍රියා පටිපාටියක් යටතේ කඩිනමින් සහ සාධාරණ ලෙස ක්‍රියාවට නැංවිය යුතුය. සාධාරණ විභාගයක් සඳහා විනිසුරුවරයාට අයිතියක් ඇත. විනිසුරුවරයා විසින් වෙනත් ආකාරයකින් ඉල්ලා සිටින්නේ නම් මිස, එහි ආරම්භක අදියරේදී කාරණය විභාග කිරීම රහසිගතව තබා ගත යුතුය.
18. විනිසුරුවන් අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට යටත් වන්නේ නොහැකියාව හෝ ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට නුසුදුසු හැසිරීම් හේතු මත පමණි.
19. සියලුම විනය, අත්හිටුවීමේ හෝ ඉවත් කිරීමේ ක්‍රියාදාමයන් අධිකරණ හැසිරීම් පිළිබඳ ස්ථාපිත ප්‍රමිතීන්ට අනුකූලව තීරණය කරනු ලැබේ.
20. විනය, අත්හිටුවීම හෝ ඉවත් කිරීමේ ක්‍රියාවලීන්හි තීරණ ස්වාධීන සමාලෝචනයකට යටත් විය යුතුය. මෙම මූලධර්මය ඉහළම උසාවියේ සහ දෝෂාභියෝගයේ හෝ ඒ හා සමාන ක්‍රියා පටිපාටිවලදී ව්‍යවස්ථාදායකයේ තීරණවලට අදාළ නොවේ.