මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බැවින් එම නඩුව සදහා අධිකරණ තීන්දුව ලැබෙන තුරු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර හෝ තිලංග සුමතිපාල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බවයි.