පුරාවිද්‍යා භූමියකට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් පූජකයෙකු ඇතුළු 8ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
නෙදුන්කර්නි පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24,29,30,34,37 සහ 54 හැවිරිදි වියේ පසුවන පිරිසකි.
එම පිරිස නෙදුන්කර්නි, පුල්යන්කුලම, කනගරායන්කුලම සහ මාමඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට පොලීසිය පවසයි.
අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී මෙම පිරිස විසින් වෙඩික්කුනාරිමලෙයි පුරාවිද්‍යා භූමියට ඇතුල්වී එහි ගිනි දල්වා පූජාවන් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබේ.
නෙදුන්කර්නි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.