මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් ශ්වසන රෝග උත්සන්න වීම් හා විජලන තත්වයන් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
මෙම අධික උණුසුම ලබන මාර්තු මාසය දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම තත්ත්වය මත පාසල් දරුවන් හා වැඩිහිටි පිරිස් දැඩි ලෙස වෙහෙසවීමෙන් විවිධ සංකූලතාවලට ලක්විය හැකි බවයි.
අධික උණුසුම හමුවේ විජලන තත්ත්ව වළක්වා ගැනීම සඳහා හැකි පමණ ජලය පානය කරන ලෙසට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය චන්න ද සිල්වා පවසා තිබේ.