අධික උෂ්ණත්වයෙන් අක්ෂි ආබාධ .

පවතින අධික උෂ්ණත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් අක්ෂි ආබාධ ඇතිවිය හැකි බවට අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක පැවසුවේ හිරු එළිය සෘජුවම ඇසට පතිත වුවහොත් එහි සෛලවලට හානිවී ඇසේ පෙනීමට පවා බාධා ඇතිවිය හැකි බවයි.

අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක මහත්මිය පැවසුවේ, පවතින තත්ත්වය යටතේ ඇසේ සුද නැමැති රෝග තත්ත්වයද ඉහළ යා හැකි බවයි.

Exit mobile version