අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අංකයක්

අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශය මාධ්‍ය හමුවකදී මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.


ඒ අනුව 0703500525 යන වට්ස්ඇප් දුරකථන අංකය ඔස්සේ අධික ලෙස දුම් පිටවන වාහන සම්බන්ධයෙන් පැමිණිලි ලබා දිය හැකිය.මෙලෙස අධික දුම් පිට වූ පෞද්ගලික බස් රථ, ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ, රජයේ වාහන මෙන්ම පොලිසියේ වාහන සම්බන්ධයෙන්ද පැමිණිලි රැසක් ලැබී ඇති බවට වාර්තා වේ.

මේ අතර සෑම මසකම අවසාන සතියේ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථවල සිදු කල පරික්ෂාවෙන් බස් රථ 40%කට වැඩි ප්‍රමාණයක් දුම් පරික්ෂාවෙන් අසමත් වී ඇති බවට වාර්තා වේ.
මෙලෙස දුම් පරික්ෂාවෙන් අසමත් වන වාහන පළමු නියෝගය අනුව වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියේ නැතහොත් සිහි කැදවීමක් සිදු කරන අතර එයටත් අනුගත නොවන්නේ නම් ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වන අයුරින් අසාදු ලේඛන ගත කරන බවට වාර්තා වේ.

Exit mobile version